Posts

Showing posts from September, 2025

2025-09-13: සාවකෝ-ප්‍රශ්න එන එක නිවනට බාධාවක් ද?

  2025-09-13: සාවකෝ-ප්‍රශ්න එන එක නිවනට බාධාවක් ද? පින දෙයි සවිය,  මඟ වැඩුමට කරන ඉඩ දෙන පරිසරය සඟ ඇසුරින් ලොවට වැඩ බණ දහමත් ලැබී කෙළෙසුන් කරන මැඬ සැන සෙන මඟ දෙසී හිමියන් දොඩංගොඩ දහම මනසිකාරය අපහසුය ඉතා ලොවම මතක් වෙයි වෙන්වී දැනී සතා දුකම දැනෙයි ප්‍රිය දේ දුරු උනොත් ඉතා වැඩුම පමණි මඟ, සැනසෙන ලෙසින් පතා වෙන් වී දකින කල පීඩා තදින් දැනී දැන් වෙයි සැප දුකත් දෘශ්‍ටිය අනුව තැනී ලං කර ගන්න නිවනත් හැම නිවන ගිනී "මං" යනු හැඟුම මිස ඇත්තක් නොවෙයි දනී නොයෙක් ප්‍රශ්න ආවොත් නිතරම ගෙදර කුමක් නිසා අසතුටු වෙද දුක් පැතිර  එකක් මගේ- මට , ලෙස හැඟෙනා අතර වලක්වන්න අවැසිය  සම්දිටු  ඇසුර යොදා දහම දැඩි පීඩා කලත් දුරූ උදා වේය "දුක" වෙන්කර දකින තුරූ දදා ලකුණු තුන, මිසදිටු මෙතෙක් දැරූ රඳා නොගෙන දුරු කරගෙන දිනමු මරූ පැනය , පැනය වෙයි,  කලහොත් තමන් සතූ තැනය දිනුම,  දැක හිමියෙක් නොමැති තතූ පිනය පුරා , නැණ සපුරා  බැඳුම් එතූ දිනය ලෙහා හළ, පසු දුක් නොඑයි මතූ

2025-09-06: සාවකෝ- දහම වැටහෙන්න කල යුතුම දෙයක්

 2025-09-06: සාවකෝ- දහම වැටහෙන්න කල යුතුම දෙයක් සිඳ ලනු පිණිස සසරෙහි බැඳ තබන බැමී මඳ කුත් පමා නොව වීරිය  වඩනු නැමී හොඳ උපදෙස් දහම් වැස්සේ හොඳින් තෙමී වැඳ මෙත් සිතින් ගරු මෙත්තා රාම හිමී ගුණ හොඳ නරක ලෙස වැටහෙන සිතක දැරූ "ගෙන ඇති" දැක්ම මත නැංවෙන පුරුදු කෙරූ දැන එය ලොවේ නැති, හැඟෙනා දෙයකි බොරූ සැන සුම ලැබෙන මඟ පමණකි ලොවෙහි සරූ දිස්වෙන කලට ඇඳුමක් හෝ පින්තූර ලස්සන- කැත වෙනස දැනුනොත් අත නෑර රැස්වුන දෘශ්ටි මත බිහිවුන  බොරුකාර ඇන්දුන හැටි දකිමු දහමෙන් සරු සාර නොයෙක් රටාවට රැවුලත්,  කපා හිස අයෙක් කියති එය "පොංටින්", "බෙකම්" ලෙස උදක් දැනුන "හැඟුමට"  දෙන නමක් මිස එකක් කොහිද?  පමණයි නෙක "දිට්ඨි" රැස ලෙස දුටු අයුරු  දැන හැඳිනී ලොවෙහි තතූ මිස දිටු හැඟුම "වෙන්කර" දෙයි ලෙසින් පැතූ විස කටු ලෙසින් තන්හාවෙන් තදින් එතූ සම් දිටු දමින් නිව්වොත් යළි නොඑයි මතූ සතර ධාතු දැක එය "දේ" ලෙසින් හැඟී ඇසුර නිසා දෘශ්ඨිය එයි තවත් නැඟී නතර කරන්නට මිසදිටු ලෙසට හැඟී නිතර දහම වැඩුවොත් එය මහත් අගී

30-08-2025:සාවකෝ-හිත වරද්ද ගන්න එපා

  30-08-2025:සාවකෝ-හිත වරද්ද ගන්න එපා පින, පව, කුසල් හැම දේටම "සිත" ය මුල දැන, රැකගෙන සිතත් වෙහෙසී සියළු කල ගුණ යෙන් වඩා ලැබ ගන්නට මහත් ඵල බණ දෙසුවේ හිමිය පොල්ගස් පිරුණු වෙළ දෙන දේ මහත් අනිසස් වන බුදු සසුන ගෙන දෙයි ඇසුර මතුවී කළ පිං පරණ දෙන ලෙස මහත් දන්, මිළ මුදලින් පිරුණ මොන අරුමයද යාචකයොත් දෙති තුටින සිතට දැනේ රුව, හඬ, ගඳ ඈ කරුණු කුමට ? සතුන්, පුද්ගලයන් ලෙස දකිනු  කපට ඉන්ද්‍රජාලික විනැණින් තැනුණු  අයට හැඟෙන අයුරුය මෝහය පිරුණු  ගැලපෙන බැඳී නන් අයුරින් හේතු රැස පෙන්වන දෙයක් කිම මායාවක්ම මිස දක්වන කලට ඇරවා නැණ නැමති ඇස ඇතිවුණ වැරදි අදහස් දුරු වේය පිස දැක සම්මුතිය මිස නැති බව දෙයක් කිසී සැක හැර වැරදි මත දහමෙන් ලෙහා නිසී දුක ලකුණත් බලා මතුකර තිබුණු වැසී එක මඟ - නිවන,  වෙත යන්නට නොවෙද රිසී පස් කඳ සතෙක් ලෙස දැක්කොත් වේය මුලා දොස් සහ රාග සිතුවිලි නොනවතීයි  ගලා රැස් වෙන සියළු අරමුණු අනිසයයි බලා හිස් කල හැකිය භව දුක, සත දමන පෙලා