24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?
24-05-2025: සාවකෝ : ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි නෙක ලෙස හේතු ගැලපීමෙන් හැදුනාම දැක එය "එකක්" ලෙස ගත්තොත් වැරදීම දුක දුරු වෙන්න සඳහම් සරණට යෑම සක කරකවයි, සමිඳුන් මෙත්තාරාම පෙනේ ඇසට වැටුනොත් එළි ඇති කිරණ මනේ මැවෙන දේ මිස අයුරුද කුමන නැණේ වඩා බැලුවොත් විමසා පමණ දැනේ සිතට, බුදු දහමයි එක සරණ පෙර දුටු දෙයක් මනසින් සිහි කරන සඳ සිත තුටු වේය "ඇති දෙය" ලෙස හැඟී තද මිසදිටු අවිඳු අඳුරේ ඇස් තදින් බැඳ විසකටු සදිසි සසරේ අප විඳින වද දැන, දැකගන්න හැකි දේ විතරකි පාට වෙන අදහස් හිතේ හැඟුමක් මය කූට බණ අසමින් හොඳින් අරමුණු කලදාට පින තිබුණොතින් නිවනත් දුර වෙද? කාට ලෙසට නොයෙක් දේ ඇති එක රූ තිරය ඇසට එකම දේවල් මය ගෝචරය කුමට ? වෙනස් දේවල් බැලුමට පොරය අපට වැටහුණොත් එතනයි සුර පුරය ගියත් නුවර , හිටියත් මහ ඉංගිරියේ කිසිත් වෙනස් නැත "වෙන් නොකලොත්" සරියේ බණත් , සිංදුවත් වෙනසක් නැත පිරියේ සමත් වෙන්න දැක, අදිටන ගමු තරයේ