Posts

Showing posts from September, 2024

28-09-2024: සාවකෝ -තියෙන දේ හැඟෙනව ද? හැගෙන දේ තියෙනව ද?

 *වොස්සග්ග දම්ම ස්වාමීන්වහන්සේ පසුගිය සතියේ ස්‍රාවකෝ දේශනාව ගැන* කල් ගත කරන මඟ වඩමින් නිති පුහුණු  සිල් ගුණ සදිසි  මහ මුහුදට දිය පිරුණු එල් වූ බරක් මෙන් සිත  නිවනට නැමුණු පොල් ගහවෙල සමිඳු දෙසුවේ දම් කරුණු  කදිම දෙයක් ලෙස සිතුවොත් ලොව සාර උරුම වේය කරදර දුක්  ගති නෑර  නියම කලණ ඇසුරෙන් අහගෙන පාර ලොකුම දුකයි දැන ගමු  අභි-සංඛාර ගෙනෙන  සිතට අරමුණු දොර පස් ඉඳුරූ නිවන වසන ඇම, බව මරු මග  ඇතිරූ හැඳින, නිතර තිලකුණු වැඩුමෙන් මහරූ දිනන දිනුම මොක් සුව ගෙනදෙයි සොඳුරූ  බැන අන්  අයට උදහස්වී දැඩිව කිපී දෙන  පීඩාව වැඩිවී එහි තදින් හැපී දැන මෙය නොවන බව තේජස් ගතිය අපී ගුණයෙන් වැඩෙමු නුවණැස් මල් වලින් පිපී ඉන්නා අහර ගැලපී අඩු නැත එකදු තන්හා කර්ම එක්වී සමගින් අවිදු එන්නා ගොඩනැඟී පස්කඳ ලෙස පුරුදූ ගන්නා කෙනෙක් "එන විදිහට", මරු පැරදු හැඟෙන දෙයක් හැඟෙනා ලෙස නොහැඟීම නොදැන, "තියෙන" ලෙස ගත්තොත්  වැරදීම සවන පුරා  සිරි සඳහම් ඇසුවාම නුවණ වැඩෙයි , එයමයි මග ගොඩ යාම

14-09-2024: සාවකෝ -මිනිස්සු එක්ක ගණුදෙනු කරන්නේ කොහොමද?

 මිනිස්සු එක්ක ගණුදෙනු කරන්නේ කොහොමද? සරණ වෙමින් සැමදෙනටම සියළු තැන නිවන පිණිස නිති උපදෙස් අපට දෙන අරණ වසන ඉංගිරියේ ජේත වන කලණ මිතුරු දම්දිව් හිමි දෙසූ බණ කරන උදව් අන් අයගේ නිවන පතා ගමන ඔබේ ගෙනයයි වේගයෙන් ඉතා හැඳින වෙනස්කම් ඇති බව හොඳින් සිතා ඔබින පරිදි උපදෙස් දී කරමු කතා අසන දහම් මඟ වැඩුමට සිතට මැලී කුමන හේතුවද ? සිත යයි තදින් සැලී ගෙවුන නිසා පින් බලයන් යටට ගිලී නිවන දුරුව ලෝකය වෙත ඇදෙයි ඇලී වරද සතට කල, නිවනෙන් දුරස් කෙරූ නිබඳ නැවත එයි, මගහැර දුවනු බොරූ අනඳ තෙරුන් දිගු කල් මහ පෙරුම් පිරූ ගියෙද රොඩී කත දැක වසඟයට මරූ බිරිඳ, ළමයි, සැමියා රැඳි ඔබ නිවස නොබිඳ ඔවුන් සිත් කටයුතු කර නොලස නොසිඳ වඩා මෙත් සිත  උදයේ සවස සබඳ, නිවන් දොර වෙත එලඹෙමු විගස අසා දහම් තිලකුණු හැම හොඳින් දැක නසා නොගෙන සිය දිවි, මනු ගුණේ රැක දොසා සහිත ලොව- සිහිනය දෙකම එක නිසා,  නිවන වෙත ලංවෙමු නසා දුක

07-09-2024: සාවකෝ - හිතක් රිදෙව්වොත් මොකද වෙන්නේ?

 *මෙත්තාරාම ස්වාමීන්වහන්සේගේ ස්‍රාවකෝ දේශනාව ගැන* මෙත්තාරාම හිමි අප හැම වැඩ කැමති සුවයෙන් -සැපෙන් වේදැයි විමසා බලති වෙන්නට තවත් සුවපත්, දහමින් බලැති කල යුතු පටිපදා සහ මග ගැන දෙසති බදා හඬන සෝ දුක් සහ හැම ගැහැට හදා ගත්ත හැඟුමකි වැටහෙන සිතට රඳා ගැනුණු ආගන්තුක උප කිළුට සදා දුකම දෙයි කෙලෙසුන් ඇති සතට ගෙනෙන නොයෙක් අරමුණු සය දොරින් නිතී දැනෙන විදිහ ලෝකය යයි හඳුන ගතී ලැබුන දෙයින් තුටු වීමට පුරුදු ඇතී නිවෙන මඟින් සැම නිවනට ලඟා වෙතී කැමති දෙයක් සහ අකැමැති වෙන් කෙරුව නොමැති සැබෑ ලොව එයමයි මහ බොරුව සිතැති ලෙඩට මොහඳුරු දුරු කර, දැරුව දිනති මරුන් පරදා කෙලෙසුන්  දුරුව ඇලෙන ගැටෙන සැම දේවල් සිත් මානේ තියෙන දෙයක් නොව වාගෙයි රෑ හීනේ දකින කලට නුවණින් දුරු කර මානේ තිබෙන වස්තු කාමය දුරු වෙනවා නේ!