Posts

Showing posts from June, 2025

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

 07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන පතා සියලු ලෝ සත වෙත මහත් සෙත ඉතා හොඳින් සිහි කරමින් වඩා මෙත තථාගත දහම දෙසමින් නිවා සිත කතා කලා වොස්සග හිමි අපට හිත දහම හොඳින් දැක පටි සම උප්පාද නියම සුතුර සිව් අරිසස් දැක්කාද අවම කරන විනයෙන් හැම වෑපාද තවම පමා ඇයි? කල පිං මදි වේද අවිද නිසා හය අයුරෙන් හැදෙන රඟේ නිබඳ එයින් සැප සහ දුක සිතට හැඟේ නොබැඳ ලොවේ දේ ගෙන ලෙස මමය මගේ සබඳ සෑබෑ තතු දැක්කොත් නොවෙද අගේ දහසක් දේ ඇතත් ලොව තුල සිතට රිසී මොහොතක් සිතේ අරමුණ ඇසුරකට බසී නැත එක් දෙයක් පැවතුන දිගු කලක් නිසී බවදුක් නිවේ! දුටුවොත් මඟ තිබෙන වැසී තැනක "එකක්" හැදුනොත් එය දුකකි තද එදැක හැඳින ඇසුරෙන් නම් නොවෙයි වද සිතක "තිබෙන" ලෙස දැනුනොත් ඇලෙයි බැඳ දුකක වැටෙයි දහමෙන් කල යුතුය සිඳ මරණ පැමිණි කල වුව දැක ලෙසින් ඵල පමණ සිතේ නැංවුණ නෙක හේතු වල සරණ ලබා දහමින් දැක දුකට මුල නිවන ලබා සිඳලමු මරු දැමූ දැල

31-05-2025: සාවකෝ :"මම" ප්‍රශ්නයක් ද?

 31-05-2025: සාවකෝ :"මම" ප්‍රශ්නයක් ද? වැඩෙන සිතක තර වෙයි දම් වැටහීම නුවණ දෙන්න සැම සත හට එකසේම නිවන උසස් බව සහ දොස පස් කාම දෙසන දහම්දිව් හිමි කර,  නැමඳීම අදහස් රාග, දොස, මෝහය හිතට නැඟී උදහස් කරයි සිත, තිර නැති බවක් හැඟී නිදහස් වෙන්න වෑයම තුන් දොරින් රැඟී එදවස් , සතර අරිසස් දුටුවොතින් අගී කෙලෙස් නැඟුන විට පීඩා දැනෙයි සිත උසස් මුණි දහම යෙදුවත්, ගෙනෙන සෙත සකස් උනොත් ජාතිය ලෙස හැඟෙන මත වෙනස් නොවෙයි , නිවනක් ගෙන නොදෙනු ඇත මහත් ගුණැති අරහත් හිමියන්ට පවා නැඟෙත් "අවැසි" බව කල දේ උදේ හවා නමුත් ජාති වෙන්කර  "එක" ලෙසින්  මවා නොදෙත් එයින් ගිණි නොගනිති හරින දවා ලොවේ සියළුදේ ශක්තිය හුවමාරූ පවේ , පිනේ යෙදවෙයි විදිහට තේරූ භවේ ඇදෙයි තෙක් දම නුවණැස මේරූ නොවේ දුකක් ඉන් මතුවට හිත පෑරූ දකිමින් අනිසි බව සැකසුණු හේතු රැස කරමින් සියලු යහපත ලෝ සතුන් දෙස දහමින් සිතේ ඇති දුහුවිලි හොඳින් පිස නිදුකින් නිවන වේවා!!  කුසලයෙන් දස