Posts

Showing posts from April, 2025

19-04-2025: සාවකෝ : හිතට අමතකම දේ?

  19-04-2025: සාවකෝ : හිතට අමතකම දේ? රැස්කල සියළු සංඛත දුක නිවන              රිසී දොස්මය, ලෝ සතට පිහිටක් නොවෙයි කිසී විස්තර කර දෙමින් දම් මඟ තිබෙන       වැසී වොස්සග ධම්ම හිමියන් අද දහම්           දෙසී සැමට උරුම මරණය එයි දිනක           මට සිතට නඟා තුන්දොර රැකවලෙහි      සිට තුනට ලකුණු ගැලපීමෙන් මෙනෙහි කොට ඔබට කුසල් කල හැක, වැඩ කරන     විට අසන කලට දම් කරුණක් ඔබ       දන්නා සවන යොමා ඇසුමට සිත නොම දෙන්නා ලකුණ එයයි , දහමක් නැත වැටහෙන්නා නිවන තමා තුල දුටුවොත්     ජය ගන්නා පස් කම් සැපට අසුවී මසු ලෙසට             බිලී ගොස් මරු වෙතට , ඇම දැක යයි තදින් සැලී එකලොස් ගිණි වලින් දැවුනත් තදින්  පෙලී වෙන්කර දකින "භව දුක" ලොව තනයි යලී දැන හඳුනනා දෙවල් නම් පිටත         ඇත ගෙන සැප-දුකත් ඇතුලත ඇති බවක සිත පැණ විසඳා දිනූ කිසිවෙක් ලොවෙත් නැත සැනසුම "හේතු ඵල" ලෙස ද...

29-03-2025: සාවකෝ : ඔබ ජීවත් වෙන්නේ ඇයි ?

 29-03-2025: සාවකෝ : ඔබ ජීවත් වෙන්නේ ඇයි ? ඇසූ කයේ නොව සිත ඇති සැනසීම විසූ බවක් දැනුනොත් එය රැවටීම වැසූ දොරක් ඇර පෙන්වන්නා සේම දෙසූ දහම් කඳ හිමි මෙත්තාරාම අද, හෙට , අතීතය වත්මන අනාගත විඳ ජීවත් උනොත් වැටහෙන දෙයකි සිත තද වෑයමෙන් "මම" කල දේ කිසිත් නැත සොඳ වැටහුම ගෙනෙයි හැමටම මහත් සෙත පස් කඳ ගොඩනඟා විසිරෙනු පිණිස රිසී රැස් කළ සියළු කම් ඵලයන් ඇදෙයි නිසී දොස් සිත පිරී තෘශ්ණා සහ අවිදු වැසී හිස් කල නොහේ "භව" සයුරක් ලෙසින් දිසී ගෙවන බවක් දිවි,  හඟවයි සිත  අවිඳු  දැනෙන හිඟය "වෙන්කර" ගෙන දුටු නමුඳු දකින කලට බොරුවක් බව  වුනු පුරුදු නුවණ වැඩී දිස්වෙයි  සම්මා සමිඳූ දැක ජීවිතය දඬුවම් ලෙස ලැබුණු විපා දුක දැක  නිසරු බව දැනගෙන සියලු සැපා "එක" නොව හේතු ගණනාවක බලය පපා නෙක ඇස්බැඳුම් දුටුවොත් නැත සතර අපා ඇවිදින , දුවන , රැකියාවට ගමන යන හැඳිනුන නමුත්, සිත හැදුනා පමණි දැන නවතන කලට "භව"  අලුතින් එකතු වෙන උපදින සිතක් නැත තෙල් නැති පහණ මෙන