30-11-24: සාවකෝ- පාප විපාකයෙන් බේරෙන්නේ කොහොමද ?
දුර ලනු පිණිස නිවනට ඇති හැම බාදා බර කල යුතුය පිං පල වෙසෙසින් සාදා කර අවවාද යන්නට පව්කම් සෝදා තෙර ඳුන් මහරගම දුන් දම් කඳ පාදා දරුවන්, ඔබේ සහකරු සහ මිතුරු කැළ කෙරු පින-පවේ ඔබ වෙත එන හේතු-ඵල දුරු කර සියලු පව් , වැඩිකර පිනේ බල දරුමය වැඩෙන පරිසරයට එයයි මුල කෙතක් තැනී පරිසරයක් හැදී නව සිතක් නැගේ ඇති තෙක් කම්-බීජ තව සතෙක් නැති නිසා ලබනට නිවන් සුව උදක් පිනේ බලයයි මේ සියළු භව උප යා ගන්න වෙහෙසීමෙන් කරන වැඩ සැප යයි කියා මිළ මුදලුත් ගසති ගොඩ නෙක දේ කලත් , පීඩාවන් කරන මැඬ එක දේ පිනයි , කල යුතු ලද සියළු ඉඩ මානය නිසා උඩඟුව සත පහත හෙළූ පාපය ගෙවෙනතෙක් අත්බැව ගෙනෙයි බලූ පානය ලබන්නට අම පල ලැබෙන සුලූ දානය දිදී පිනටම සිත යොදමු මුලූ මෝහය ගෙනෙන අදහස ලෙස මමය-මගේ සෝකය දැනෙයි තරමට එය ඔබට අගේ ලෝකය තුලින් සරදම් සහ හොඳත් නැගේ ජාතිය නසමු උතුමන් පෙර කලා වගේ