Posts

Showing posts from August, 2024

24-08-2024 : සාවකෝ-රාග ද්වේශ මෝහ කරදරයක් ද?

 *ධම්මජීව ස්වාමීන්වහන්සේගේ ශ්‍රාවකෝ දේශනාව ගැන* දහම් ජීව හිමියන් හිඳ දම් අසුනේ උතුම් දහම් පද මුවගින් ගැටගැසුනේ නොනිම් ලෙසින් පැතිරී  සිනහව මුහුනේ දහම් දෙසුම අද මෙලෙසින් දිග හැරුනේ නිවන් මගේ නොසැලී යන්නට පෙරට නැණින් දහම් අවබෝධය වුන කලට පිනෙන් හොඳින් පුරවා ගත්තොත් බරට එයින් ඔබව ගෙන යයි නිවනේ දොරට රැගෙන යන්න ඔරුවක් මෙතෙරින් එතර පමණ නොවේ  හබලක් ගැසුමෙන් විතර මිදුන කලට ඔරු කඳ බැඳි  බැමි පතර එතැන පටන් යා හැක බිඳ සැඩ වතුර බැඳුම ලෙසින් ඔරුකඳ එහිගැට ගැසුණු විෂම සසර තුල කල ගනුදෙනු දරුණු ගෙවුම පිණිස පිළිපැද කල යුතු කරුණු  නියම අවැසි පරිසරයක් ගොඩ නගනු නැගේ නොයෙක් සිතිවිලි, මත පරිසරය මගේ දෙයක් නොව ගැලපෙන පිලිවෙලය රඟේ හොඳින් දුටුවොත් පෑදී මොළය අගේ බසී අඩුවී තෘෂ්ණා බලය දවා හරින කතරේ දිය බිඳක් සොයා මුවා මිරිඟුවක් පසු පස හඹා ගියා මවා පෙනුණ දේ නම් බොරුවකැයි කියා නිවා හරිමු කෙලෙසුන් නැත ඉඩක් තියා ලොවේ දෙයක් වෙන්කරගෙන දුටු කලට තැවේ සිතක් පත් වීමෙන් මහ දුකට නොවේ මෙවන් තව බොරුවක් ලෝසතට නිවේ "එකක්" මෙහි නැති බව දුටු අයට වෙන් කර ගෙන "එකක්" දකිමින් එහි ගුණය සං යෝජන කලොත් වැඩ වැරදෙන තැනය...

2024-08-10 : සාවකෝ -හේතු වල ඇති රහස

 *වොස්සග්ග ධම්ම ස්වාමීන්වහන්සේගේ ශ්‍රාවකෝ දේශනාව ගැන* පොල් ගහවෙල සමිඳු ගරු දම් වොස්සග්ග දල් වා දෙනෙත්, මුව මත සිනහව නැග්ග මුල් ගලවන්න කෙලෙසුන් සිත තුල ලැග්ග කල් නොයවාම තෙපලති නිවනට මග්ග කලකින් ලැබුණ මේ මිනිසත් බව දුලබ මැනවින් යොදා යන්නට නිවනට එලබ දකිමින් සෑබෑ මාවත කරදර නොලැබ නිදුකින් ලැබේවා!  දහමත් වී සුලබ සිතා සිටින දේ "ලොව පවතියි" දුටුව යථා අයුරු නොව එය වෙයි මිසදිටුව තථා ගත දමින් මුල සමගින් නටුව ඉතා හොඳින් මිදුවොත් යයි සිත තුටුව රැසක් හේතු ගැලපී වෙන විදු-මාන එකක් නොවේ ඇස්බැඳුමකි එහි පේන කයක් ලෙසින් දුටුවොත් දුරුකර මාන ලොවක් දිනුම, ඒ දිනුමට වෙයි හීන ඇත ද - නැතද අසමින් කෙරුවොත් වාද එත න තිබේ ශස්වත සහ  උච්ඡේද සත ට හේතු ඵල ලෙස නුවණැස පාද සිතට දැනෙන දා ලොව මඟුලක් නේද වතුර නොමැති මිරිඟුව, ඇති ලෙස පෙනෙන ඉතිර "එකක්" නැත මෙය හැඟුමකි දැනෙන තිදොර  වෙරෙන්  නිතරම සංවර  කරන සසර කෙටියි,  ඔබ හට මහ පිං පිරුණ

2024-08-03: සාවකෝ -ආස දේවල් ලං කරගන්න හිතෙනවද?

 *මෙත්තාරාම ස්වාමීන්වහන්සේගේ ශ්‍රාවකෝ දේශනාව ගැන* බැස දම් දෙසන අසුනේ වැඩ හිඳ මහරූ අස නීපෙන්ද ?විමසන, සිනහව පැතිරූ දෙසමින් දහම් දක්වන "ගොඩයන" අයුරූ මිස මෙත්අරමෙ හිමි වෙද අන් අය කවුරූ ඉන්නේ අහන්නද සඳහම් දම් දෙසුම දන්නේ  නැතිද එය දෙන බව දුක උරුම යන්නේ කොහෙද මල්ලේ පොල් වැනි අරුම ගන්නේ මෙවැනි උත්තර තේරුම්  කොහොම සඳහම් දෙසන තැන නැත ඝෝෂා සද්ද නිදහස් ලෙසින්  ශ්‍රවණයකට ඉඩ නැද්ද අදහස් මෙසේ විය යුතුයැයි පොදි බැන්ඳ උදහස් කරයි දී  පීඩා - දුක්  කන්ද ඇති කල සිතේ යම් දෙයකට වැඩි නැඹුරූ වෙති සිත ලොබින් එහි බැඳෙමින් වී අඳුරූ නිති  පීඩාව සහ අසහන ගති  පැතිරූ දෙති ඒ සිතම එම සිතටම වෙයි නපුරූ එකම විදිහ දුර ලන්නට මෙම සෝකේ දැකුම හේතු ගැලපෙන ක්‍රමයයි ලෝකේ පැතුම නැතිව පිළිගත්තොත් එවිපාකේ කිසිම දුකක් නැත ඔබහට කිසිදාකේ දැක්කම ලොවේ  ඇති දේ හැටියට වටිනා රැක්කම හොඳයි සැනෙකින් සිත එහි බැඳුනා ඇත්තම දකින්නට එම බැඳුමෙන් මිදෙනා උත්තම මුණිඳු අවැසිය සිත වෙත වඩිනා සොයා යෑම සැප, සිතමින් ඉතා සොඳ ගියා වගෙයි දිය සුලියේ මැදට වැද පියා යන්න අපහසු සැඩ පහර බිඳ භයානකයි ගොඩයාමට නොහැකි වෙද හද බ...