ඇම
යොතක් සහ පිත්තක් එහි ගැටගැසුව කොක්කක් අමුණා ගෙන ඇමක් මාලු අල්ලයි කෙනෙක් දවසක් කොක්කේ තියුණු උල නොපෙනෙයි ඇමෙන් වටකල රසයෙන් වසගකල මසෙකු ඇදුනා වෙතට මර'ගුල ඇම ගිල්ල සැනෙණි ඒ උල කටේ ඇණුනි තදින් එහි බැදුණී මරණ සම වූ දුකට වැටුණී නිසයි අණුවන කම මාලුව ගිල්ලෙ ඒ ඇම කිව්වත් අය එහෙම ඊට ඉහලයි අපේ "ගොන්කම" විදින සැප පස් කම් සුවදෙයි , හැගෙයි මනරම් සැපෙහි දුක කොතරම් වේද දැක ගමු තුලින් සදහම් රූපය , රසය , ශබ්දය ස්පර්ශය , කැමති ගන්ධය "ඇම" පහක් ලෙස බය දුටුව දවසට ඔබට වෙයි ජය! දැක ලොවෙහි ඇති දොස් නිවනේ තියෙන අනුසස් නැසුමට සැම කෙලෙස් දකිමු නුවණින් චතුර් අරිසස්