Posts

Showing posts from December, 2023

සත්වයෙක් නැති බව

දැක ගෙන සුදන ගුණ පැහැදී මහත් බැතියෙන මටත් මේ විලසින ඉන්න ඇත්නම් හොඳඳ කොපමණ    කියා සිතුනත් නිතර  "ජාතිය" විසින් බිහිකර ඇතිතෙක් කෙළෙස් බර වැඩකි මෙය නම් ඉතා දුශ්කර වැටුනොත් මගුල් මුදු අතරට අනෙක් බඩු කඳු අත් නොම හැර එකඳු පෙරල පෙරලා හොයනවා බඳු පස්කඳ කර කොටස් බැලුවම අනුව උපදෙස් මෙහි "මම" යැයි උසස් කෙනෙක් නැහැ එය හැඟුමකිය හිස් හේතු ගැලපුණු කල මල් හටගනී ගස්වල "කාගේද ?" මේ මල  පැනය වැරදියි නොමැති අග-මුල නැත මෙහි ඇති සතෙක් ඇත පස්කඳක් පමණක් කරගන්නට පසක් උවමනා වෙයි විදස් නුවණක්